තෛපොංගල් උත්සවය.
හින්දු බැතිමතුන් විසින් සමරණු ලබන තෛපොංගල් උත්සවය මෙවර ද උත්කර්ෂවත් අන්දමින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් ,කොට්ඨාශයේ ළමා සමාජ දරුවන් එක්ව 2026.01.20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
කිරිඇල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස අද දින (2023.09.25) රාජකාරී ඇරඹූ පී.ඩී.එස්.මධුශංක මැතිතුමනි, ඔබට උණුසුම් සුබපැතුම්..!
සබරගමු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය 2023.
"සබරගමු ලලිත කලාපති" සම්මානයෙන් පිදුම් ලැබූ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මුනසිංහපුර පදිංචි "සුනිල් රත්නායක" මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්...
පුරා දෙවසරකට ආසන්න කාලයක් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කර 2023.09.25 දිනෙන් පසු රාජ්‍ය සේවා කොම්ෂන් සභාව වෙත ස්ථානමාරු ලැබ නික්ම යන බී.කේ.ඩී.එන් ජයතිස්ස මැතිනියනි, රාජ්‍ය සේවයේ හිනිපෙත්ත කරා පියනැගීමට, ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..!




















