ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම උදෙසා මෙරට පිහිටි ගංගා පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම වෙනුවෙන් "සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන යටතේ කළු ගඟ ආශ්‍රිතව සිදු කරන ලද කුඔුක් පැල සිටුවීමේ රුක් රෝපන වැඩසටහන ප්‍රාදේශී්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් බටහිර දොඩම්පෙ වසම තුල දී 2021.03.22 දින සිදුකරන ලදී.

2021 වර්ෂය සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය පැවැත්වීම 2021.02.23 දින කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. මෙහිදී ලේඛකාධිධූරය පරණගම උපරථන හිමියන්ටත්, සභාපතිධූරය කැටපල ධර්මප්‍රිය හිමියන්ටත් හිමි වූ අතර නියෝජ්‍ය ලේඛකාධිකාරීධූරය හිමි වූයේ අම්පාර බෝධිරතන හිමි, රැටියන සුදස්සි හිමි සහ ඇඹිලිපිටියේ නාරද හිමියන්ටය.නියේජ්‍ය සභාපතිධූරය අළුකැටිය අනුරුද්ධ හිමියන්ට සහ පින්නවල සෝභිත හිමියන්ට හිමිවිය.

නිදහස් සැමරුමට සමගාමීව කිරිඇල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ නිදහස් සැමරුම් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් එච්.එස්.ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් , කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2021-02-04 දින පවත්වන ලදී.ප්‍රාදේශීය ලේකම්තුමා විසින් අභිමානවත් ජාතික ධජය ඔසවා 73 වන නිදහස් සැමරුම පිළිබඳව කෙටි දැනුම්දීමකින් නිදහස් දින සැමරුම් වැඩසටහන ආරම්භ කරන ලද අතර ඉන් පසුව විදාතා මධ්‍යස්ථානය පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සහ කිරිඇල්ල වැඩිහිටි නිවාසය සඳහා දානමය පුන්‍යකර්මයක් ද සිදු කිරීමෙන් අනතුරුව  සියළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදී.

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණ ඇතිව, දිවයින පුරා ක්‍රියාත්මක කරන “වාරි සෞභාග්‍යා” ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ යටිපව්ව වසමේ බෝගොඩ දොළ අමුණ ප්‍රතිසංස්කරණය සිදු කිරීම

News & Events

Scroll To Top