74 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  2022.02.10 දින පවත්වන ලද ආක්‍රමණික ශාක ඉවත්කිරීමේ ශ්‍රමදාන වැඩසටහන-එල්ලාවල

උක්ත වැඩසටහනට අදාලව ජනවාරි, පෙබරවාරී මාසවලට අදාල මව්වරුන්ට හිමි ආහාර ද්‍රව්‍ය වෙළඳ ආයතන වෙතින් 2022 පෙරවරාරි මස 28 දක්වා නිකුත් කරන බව කාරුණිකව දන්වමි.

ස්වකීය සේවා සැපයුම් පියස ප්‍රශස්ථ සේවා සැපයුම් පියසක් බවට පත් කරමින් 2020/21 ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය සහ රාජකාරි ඇගයීම. කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයග්‍රාහකයන්..

ප්‍රථම ස්ථානය - වයි.ආර්.චමින්ද අමරසේන (අකුරණ ග්‍රාම නිලධාරී වසම)

දෙවන ස්ථානය - ජී.පී.සී.එච්.සංජීවනී (දොඩම්පෙ ග්‍රාම නිලධාරී වසම)

තෙවන ස්ථානය - ජේ.සී.පී.මුදුන්කොටුව (මාටුවාගල ග්‍රාම නිලධාරී වසම)

රාජ්‍ය නිලධාරීන් සඳහා වන සුබවාදී ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන 2021.12.16 දින සිරිගඟුල උත්සව ශාලාවේදී ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කේ.එල්.ඩී.අසේල මැතිතුමන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා කාර්යාලගත නිළධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී වන ලදී.

ලෝක ළමා දිනය 2021 - "සියල්ලටම පෙර දරුවන්"
කුස ගිනි නැති - තුරුලිය ඇති දැහැමි රටක් ගොඩනැගීමේ ළමා පරිසර ආරක්ෂණ බලකාය පිහිටුවීම හා කොස්පැල 100 000ක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටිපව්ව ග්‍රාම නිලධාරී වසමේ පැවති ලෝක ළමා දින සැමරුම් වැඩසටහන

News & Events

Scroll To Top