උප්පැන්න ලියාපදිංචිය
නිවසක සිදු වූ උපතක් ලියාපදිංචිය
- උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
- ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
- උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- භාරකරුවන්
- උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
|closed}
- උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලදප්රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
ලියාපදිංචි වත්තක් තුල සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
- උපත සිදුවී දින 07ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත දැනුම් දෙන්න.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- වතු අධිකාරිවරයා විසින් අයදුම්පත සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
- අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
ලියාපදිංචි නොකල උපතක් ලියාපදිංචි කිරීම
කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම
- උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
- මව්පියන්ගෙන් කෙනෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
- උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
- ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
- මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
අනුමාන වයස් සහතික නිකුත් කිරීම
- උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
- අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
උප්පැන්න ලේඛනයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම
- උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
- 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
- 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
- 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
- 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
පරිවර්තනය කරපු පිටපත් සහ සතික කරන ලද පිටපත් ලබා ගැනීම.
උප්පැන්න සහතික වල පිටපත් ලබා ගැනීම
- උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්යඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබ
උප්පැන්න සහතික වල පරිවර්තන පිටපත් ලබා ගැනීම
- මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
- ලබාගත හැකි පරිවර්තන
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
- අයදුම්පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00
- ඉල්ලුම් පත්රයපරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 600.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 03කි.
විවාහ ලියාපදිංචිය
විවාහ සහතික වල පිටපත් ලබා ගැනීම
- විවාහසහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
මරණ ලියාපදිංචිය
මරණ සහතික වල පිටපත් ලබා ගැනීම
- මරණ සහතිකයේපිටපත් ලබාගත යුත්තේ මරණය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00
- මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.250.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලදඩ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
අයදුම්පත්‍ර බාගත කිරීම සඳහා