ස්වකීය සේවා සැපයුම් පියස ප්‍රශස්ථ සේවා සැපයුම් පියසක් බවට පත් කරමින් 2020/21 ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය සහ රාජකාරි ඇගයීම. කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයග්‍රාහකයන්..

ප්‍රථම ස්ථානය - වයි.ආර්.චමින්ද අමරසේන (අකුරණ ග්‍රාම නිලධාරී වසම)

දෙවන ස්ථානය - ජී.පී.සී.එච්.සංජීවනී (දොඩම්පෙ ග්‍රාම නිලධාරී වසම)

තෙවන ස්ථානය - ජේ.සී.පී.මුදුන්කොටුව (මාටුවාගල ග්‍රාම නිලධාරී වසම)

ලෝක ළමා දිනය 2021 - "සියල්ලටම පෙර දරුවන්"
කුස ගිනි නැති - තුරුලිය ඇති දැහැමි රටක් ගොඩනැගීමේ ළමා පරිසර ආරක්ෂණ බලකාය පිහිටුවීම හා කොස්පැල 100 000ක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යටිපව්ව ග්‍රාම නිලධාරී වසමේ පැවති ලෝක ළමා දින සැමරුම් වැඩසටහන

2021 වර්ෂය සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය පැවැත්වීම 2021.02.23 දින කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. මෙහිදී ලේඛකාධිධූරය පරණගම උපරථන හිමියන්ටත්, සභාපතිධූරය කැටපල ධර්මප්‍රිය හිමියන්ටත් හිමි වූ අතර නියෝජ්‍ය ලේඛකාධිකාරීධූරය හිමි වූයේ අම්පාර බෝධිරතන හිමි, රැටියන සුදස්සි හිමි සහ ඇඹිලිපිටියේ නාරද හිමියන්ටය.නියේජ්‍ය සභාපතිධූරය අළුකැටිය අනුරුද්ධ හිමියන්ට සහ පින්නවල සෝභිත හිමියන්ට හිමිවිය.

ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම උදෙසා මෙරට පිහිටි ගංගා පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම වෙනුවෙන් "සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන යටතේ කළු ගඟ ආශ්‍රිතව සිදු කරන ලද කුඔුක් පැල සිටුවීමේ රුක් රෝපන වැඩසටහන ප්‍රාදේශී්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් බටහිර දොඩම්පෙ වසම තුල දී 2021.03.22 දින සිදුකරන ලදී.

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණ ඇතිව, දිවයින පුරා ක්‍රියාත්මක කරන “වාරි සෞභාග්‍යා” ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ යටිපව්ව වසමේ බෝගොඩ දොළ අමුණ ප්‍රතිසංස්කරණය සිදු කිරීම

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top