රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ - 2022

දේශීය ළමා  සිත්තරුන්ගේ මහා මෞලි මංගල්‍යය  ලෙස   හැඳින්වෙන රාජ්‍ය ළමා  චිත්‍ර  උලෙළ  සඳහා  උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම පළාතක්ම  නියෝජනය කරමින් වාර්ෂිකව අයදුම්පත් කැඳවනු ලැබේ.

බුද්ධශාසන, ආගමික  සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා  උපදේශක සභාව මගින් සංවිධානය කරනු ලබන “රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ - 2022” සඳහා නිර්මාණ භාරගැනීම 2022 පෙබරවාරි මස  14 වෙනි දින සිට අප්‍රේල් මස 29 වෙනි දින දක්වා කොළඹ 07 ජාතික කලාභවනේදී සිදුකිරීමට නියමිතය.

තරග අංශය                               වයස් කාණ්ඩය                        උපන් වර්ෂය

ප්‍රාථමික අංශය                          අවුරුදු      05 – 06                    2016 - 2015

පශ්චාත් ප්‍රාථමික අංශය              අවුරුදු       07 – 09                   2014 – 2013 - 2012

කනිෂ්ඨ අංශය                          අවුරුදු       10 – 12                   2011 – 2010 - 2009

ජ්‍යෙෂ්ඨ අංශය                          අවුරුදු      13 – 15                    2008 – 2007 - 2006

ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය             අවුරුදු      16 – 18                    2005 – 2004 - 2003

 

තරඟ කොන්දේසි

  • ඔබ කැමති ඕනෑම තේමාවක් සිතුවමට නැගිය හැකිය.  ඔබ තෝරාගත් මාතෘකාව චිත්‍රයේ පිටුපස හා අයදුම්පත්‍රයේ සදහන් කළ යුතුයි.
  • ඔබ කැමති ඕනෑම මාධ්‍යයක් චිත්‍ර ඇඳීමට භාවිත කළ හැකිය.
  • චිත්‍ර තරඟය සදහා මෝස්තර ඉදිරිපත් කිරිමෙන් වලකින්න.
  • චිත්‍රය අඟල් 18×14 ප්‍රමාණය විය යුතුය.
  • එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.
  • චිත්‍ර නිර්මාණය ඉදිරිපත් කළ හැක්කේ ඔබගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කයෙන් පමණි.
  • එවනු ලබන නිර්මාණය මීට පෙර වෙනත් තරගයකට ඉදිරිපත් නොකළ එකක් විය යුතුය.
  • නිවැරදිව, පැහැදිලිව සම්පුර්ණ කරන ලද අයදුම්පත චිත්‍රයේ පිටුපස නොගැලවනසේ ඇලවිය යුතුය.
  • තරග කොන්දේසි සම්පූර්ණ කර නොමැති නිර්මාණ සහ ඉල්ලුම් කර ඇති තොරතුරු නිවැරදිව සඳහන් නොවන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.
  • ඔබ විසින් එවනු ලබන චිත්‍ර නිර්මාණය නැවත භාරදෙනු නොලැබේ.
  • ඔබ විසින් එවනු ලබන නිර්මාණ ප්‍රවීණ විනිසුරු මණ්ඩලයකට ඉදිරිපත්කර එයින් තෝරාගන්නා ළමුන් පමණක් අදාළ දිස්ත්‍රික් තරගය සඳහා තෝරාගන්නා අතර, තරග පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය පසුව දැනුම්දෙනු ඇත.
  • විනිශ්චය මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසන් තීරණය වේ. 

 

චිත්‍ර නිර්මාණ එවිය යුතු ලිපිනය :- 

 

ස්ථානභාර නිලධාරි,

ජාතික කලාභවන,

ආනන්ද කුමාරස්වාමි මාවත,

කොළඹ - 07

විමසීම්:- 0112882551 / 0112872031

 වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය භාගතකිරීම්

  අයදුම්පත්‍රය

 

 

සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන – වැඩ ලක්ෂයක් – සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව 2022.02.03 ආරම්භ විය. ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක් – ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021 ක මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5 ක් හෝ 6 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙහි සමාරම්භ උත්සවය උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවැත්වු අතර කිරිඇල්ල කොට්ඨාශයේ වසම් 17ක් නියෝජනය කරමින් ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කරන ලදී.

උක්ත වැඩසටහනට අදාලව ජනවාරි, පෙබරවාරී මාසවලට අදාල මව්වරුන්ට හිමි ආහාර ද්‍රව්‍ය වෙළඳ ආයතන වෙතින් 2022 පෙරවරාරි මස 28 දක්වා නිකුත් කරන බව කාරුණිකව දන්වමි.

74 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  2022.02.10 දින පවත්වන ලද ආක්‍රමණික ශාක ඉවත්කිරීමේ ශ්‍රමදාන වැඩසටහන-එල්ලාවල

රාජ්‍ය නිලධාරීන් සඳහා වන සුබවාදී ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන 2021.12.16 දින සිරිගඟුල උත්සව ශාලාවේදී ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කේ.එල්.ඩී.අසේල මැතිතුමන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා කාර්යාලගත නිළධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී වන ලදී.

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top